අධිකරණ ඇමති සහ ස්වීට්සර්ලන්ත තානාපති අතර හමුවක්

මාර් 22, 2019

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක් ( 20) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.

    අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කර ඇත. මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය ,පුහුණුවීම් ,නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම, වැනි කටයුතු සදහා ස්වීට්සර්ලන්ත රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කර ඇත.

    ස්වීට්සර්ලන්ත රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Latest News