මැලේරියාව යළිත් හිස ඔසවයිද ? 

අප්‍රේ 19, 2023

    ‍ජාතික මැලේරියා දිනය ලබන 26 වැනි දිනට යෙදී තිබෙනවා.  

    ශ්‍රී ලංකාව මැලේ‍රියා රෝගයෙන් තොර රටක් වුවත්, මෙරට තුළ රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාශය පවසන්නේ.  ශ්‍රී ලංකාව මැලේරියාව පැතිරීමට ඇති අවදානම අවම රටක් ලෙස පවත්වාගෙන යනු ලැබුවද, අප්‍රිකානු කලාපයේ සහ ලතින් අමෙරිකානු රටවලත්, ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු සෙසු රටවලත්, මැලේරියාව පැතිර පවතිනවා.

    එම රටවල රැකියා සඳහා හෝ සංචාරය සඳහා ගොස් පැමිණෙන පිරිස් මගින් ශ්‍රී ලංකාවට මැලේරියාව පැතිර ඒමේ අවදානමක් පවතින බව, මැලේරියා මර්දන ව්යා පාරයේ අධ්‍යක්ෂ චම්පා අලුත්වීර මහත්මිය පෙන්වා දෙනවා. මැලේරියා ‍රෝගීන් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංක දෙකක් ද ක්‍රියාත්මකයි. මෙමගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැකි අතර, මැලේරියා රෝගීන් පිළිබඳ තොරතුරු ලබා දීමද සිදු කළ හැකියි.

    Latest News