විදේශ ගමන් බලපත්‍ර සඳහා අන්තර් ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක්

මැයි 30, 2023

    විදේශ ගමන් බලපත්‍ර සඳහා අන්තර් ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව, ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතා පවසනවා.

    ඒ, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ යටතේ.  ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මේ බව සඳහන් කළේ,. ජනාධිපති මාධ්යහ අංශය විසින් නිෂ්පාදනය කරනු ලබන “වන් සීරෝ වන්” කතා වැඩසටහනට එක්වෙමින්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයඳුම් කළ හැකියි.

    අනතුරුව, ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සලකුණ ලබා දීමෙන් පසුව මාර්ග ගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදු කළ යුතු වනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක මේ වන විටත් ඇඟිලි සලකුණු ලබා ගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපනය කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල්වරයා කියා සිටියේ, මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කුරියර් සේවාවක් ද හඳුන්වා දී ඇති බවයි.

    Latest News