කල්මුන සහ මඩකලපුව මූල්‍ය ආයතනයක සේවකයෙකු ෆීනෑන්ස් පහසුකම මත ලබාදෙන වාහන දෙකක වාරික නොගෙවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණ තිබේ. එම අවස්ථාවේ පැමිණිල්ල සටහන් කරගන්නා නිලධාරියාට ඔහු රුපියල් 1000ක අල්ලසක් ලබාදීමටයි උත්සාහ දරා ඇත. එය ලබාගැනීම ප‍්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියා අල්ලස් ලබාදීමට උත්සාහ කිරීමේ වරදට මූල්‍ය ආයතන සේවකයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 72 හැවිරිදි අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද (24) එරාවුර් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.