අද දිනයේ 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පැවැත්වීමට නියමිතයි.
ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.