කැලෑ කැපීම්, ප්ලාස්ටික් , පොලිතින් වැනි දෑ පිලිස්සීම වැනි හේතු නිසා පරිසර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි, වෛද්‍ය සංගමය පවසන්නේ. දැඩි උෂ්ණත්වය හේතුවෙන් පිපාසය ඇති වන අතර එහිදි ප්ලාස්ටික් වතුර බෝතල් භාවිත නොකළ යුතුය. ඒවා වරක් පමණක් භාවිත කර, ඉවත දමන ලෙසයි, වෛද්‍ය සංගමය පවසන්නේ.
ඒ සඳහා වීදුරු බෝතල් මෙන්ම, මල නොකන වානේ මගින් තැනූ බෝතල් සහ ඇලුමීනියම් බෝතල් භාවිත කළ හැකියි. එමෙන්ම, අධික පිපාසයකදී පැණි බීම වර්ග පානය නොකළ යුතු වනවා. උණුකර නිවා ගත් ජලය හෝ තැඹිලි, කුරුම්බා වැනි බීම වර්ගයක් පානය කිරීම වඩාත් උචිත බවයි, වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.
එමෙන්ම, කෑම වර්ග රැගෙන යාම සඳහා ප්ලාස්ටික් සහ පොලිතින් ද්‍රව්‍ය භාවිත නොකරණ ලෙසද සංගමය අවධාරණය කරනවා.
පෙරවරු 11.00 ත් පස්වරු 3.00 ත් අතර කාලයේ අධික හිරු රෂ්මියක් පවතින බැවින් අත්‍යවශ්‍ය කටයුතුවලට හැර නිකරුණේ බැහැර නොයන ලෙසද එම සංගමය ජනතාවට දැනුම් දෙනවා. නිවෙස්වල සිටින වැඩිහිටියන් පිළිබඳවද වඩාත් සැලකිළිමත් විය යුතුයි.
පාසල් යන දරුවන්ට තොප්පියක් හෝ කුඩයක් භාවිත කරන ලෙසද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරනවා.