තල් අරඹට විහිඳුනු තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ දැනුම

අගෝ 08, 2023

    ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධාන කරන ලද 2023 පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව දෙදිනක් පුරා යාපනයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), උතුරුපළාත් තොරතුරු තාක්ෂණමණ්ඩලය (NCIT) සහ USAID සංවිධානයේ "Catalyze" Private Sector Development (PSD) Activity වැඩසටහන ඒකාබද්ධව මෙම සමුළුව සංවිධාන කරනු ලැබුවා.

    මෙහි දී උතුරු පළාතේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය තවදුරටත් නඟා සිටුවීම මෙහි ඉලක්කයයි.

    එම කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශවීම සහ ඊට තිබෙන අභියෝග ජය ගැනීම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රකට සහ කීර්තිමත් තොරතුරු තාක්ෂණ සමාගම්, වෘත්තිකයින් හා විද්වතුන් විසින් දැනුවත් කිරිම් සිදු කෙරුණා.

    ඩිජිටල් මාධ්‍ය කළමනාකරණය,UI/UX,නිෂ්පාදන ඉන්ජිනේරු විද්‍යාව,ප්‍රසම්පාදන ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ මිලකරණය සහ තොරතුරු තාක්ෂණයට අදාළ නව අණපනත්, නීතිරීති, ගිවිසුම් ආදී ක්ෂේත්‍ර ගැනද මෙහි දී දැනුවත් කෙරුණා.

    ජාත්‍යන්තර තලයේ මෙරට කටයුතු කරන තොරතුරු තාක්ෂණ සමාගම් සහ විදේශයන්හි තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම්, වෘත්තීය නිපුණතාවයන් හා දැනුම හුවමාරු කර ගැනීමටද මෙහි දී අවකාශ සළසා දී තිබුණා.

    එම පළාතේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, උපාධිධාරීන් ඇතුළු තරුණ ප්‍රජාව සඳහා තොරතුරු තාක්ෂණ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ද මෙහිදී පවත්වනු ලැබුවා.

    තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ට තම කර්මාන්තය සඳහා බැංකු ක්ෂේ ත්‍රයෙන් ලබා ගත හැකි ඵල ප්‍රයෝජන, මූල්‍ය සුරක්ෂිත බව ඇති කරගන්නා ආකාරය, ආදායම් පුළුල් කර ගන්නා ආකාරය ආදිය ගැන මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ බැංකු විසින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.

    යාපනයේ දී පවත්වන ලද මෙම සමුළුවේ සාර්ථකත්වය මත මීළඟ පළාත් තොරතුරු තාක්ෂණ සමුළුවඑළැඹෙන අගෝස්තු 25සහ 26 යන දෙදින තුළ ගාල්ලේදී පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ වැඩිවිස්තර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ මේල් ලිපිනය ඔස්සේ දැනගත හැකියි.

    Latest News