වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවයි,පොලීසිය පවසන්නේ.
පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ලොරි රථ දෙකට සිරවී බරපතළ තුවාල ලබා ඇති අතර, එම ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමේ දී තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.
තවද වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ද ලොරියේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මාන්කුලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්රදේශවල පදිංචිකරුවන්.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.