දැව ප්‍රවාහනය කරන්නන්ට වැඩ වරදියි

නොවැ 03, 2023

    වැල්ලවාය අලුගල්ගේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමින් යුත් දැව තොගයක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදු කළේ, වැල්ලවාය පොලීසියයි.

    තේක්ක ලෑලි 196 ක් සහ දැව කඳන් තොගයක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.  එම ලොරි රථයද පොලිස් බාරයට ගැනුණු අතර, සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.  ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News