කෝච්චියෙන් නොමිලයේ මිහින්තලේ යමුද ?

ජූනි 19, 2024

    පොසොන් පුන් පොහොය යෙදෙන ජූනි  21 වැනිදා සිට 22 හා 23 දිනයන්හිදී අනුරපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය බලා පැමිණෙන බැතිමතුන්ට දුම්රිය මඟින් නොමිලයේ ගමන් පහසුව සළසා දීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 

    එමෙන්ම මින් ඉදිරියට සෑම පුන් පොහෝ දිනයකම අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය මඟින් බැතිමතුන් ප්‍රවාහනය නොමිලයේ සිදු කරනු ලබන බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

    ඉන්දීය ණය ආධාර යටතේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය මංසන්ධිය දක්වා ඉදි කළ නව දුම්රිය මාර්ගයේ දුම්රිය සේවය පසුගිය 17 වැනිදා ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    මේ අතර මහව දුම්රිය ස්ථානය දක්වා පහත පරිදි විශේෂ දුම්රිය ධාවනය කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා.

    එමෙන්ම දුර ගමන්සේවා දුම්රිය සඳහා අමතර මැදිරි එක් කිරීමද සිදුකෙරෙනවා.

    12

    Last modified on බදාදා, 19 ජූනි 2024 08:41

    Latest News