අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ කොළඹට (විඩියෝ)

අප්‍රේ 03, 2019
  • රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ යන නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 03) කොළඹ වරායට සේන්දු විය.

    එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගනු ලැබිණ.

    නෞකාව වරායට පැමිණිමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මිකොලොවිච් ක්රොක්මල් නිලධාරියා අද සන්ධ්‍යාවේ බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා හමුවිමට නියමිතව ඇත.

    දිගින් මීටර් 136 ක් වන නෞකාව ටොන් 5300 ක ධාරිතාවයකින් යුක්තවේ. එහි නිලධාරීන් සහ නාවිකයන් 236 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ මෙන්ම වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

    russiaship2 px 900 04 03

    Latest News