ආසියාවේ නවීනතම අධ්‍යාපනය ශ්‍රී ලංකාවෙන්.... අගමැති

අප්‍රේ 03, 2019

    නව අධ්‍යාපන ක්‍රමවේදයේ පරිවර්තනීය ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ අනුව, දකුණු ආසියානු රටවල් අතරින් නවීනතම අධ්‍යාපනය ක්‍රමය මෙරට ස්ථාපනය කිරීමේ අඩිතාලම දැමීමට හැකිවූ බව, අග්‍රාමාත්‍යතුමා කියා සිටී. වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද එක්වෙමින්.

    අග්‍රාමාත්‍යතමා, නවීකරණය කළ විදුහල් ප්‍රධාන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළේය. අනතුරුව, අධ්‍යාපන සහ බාහිර ක්‍රියාකාරකම්වලින් දස්කම් දැක්වූ සිසුවියන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කෙරිණ. එමෙන්ම, විශිෂ්ට මෙහෙවරක් සිදු කළ ගුරුභවතුන් ඇගැයීම ද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....

    පළමුවැනි ස්මාර්ට් පන්ති කාමරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රියාත්මකයි පළමුවැනි ස්මාර්ට් විද්‍යාලය කුරුණෑගල ආරම්භ කළා. අපිට ඕනේ දැනුවත් ශ්‍රම පිරිසක්. අපි ඇත්ත වශයෙන්ම අපි පාසල්වල 50%ක් සාමාන්‍ය පෙළ කරලා පිටවෙලා යනවා. අවුරුදු 13ක් අධ්‍යාපනය අනිවාර්ය කරන්න ඒ වගේම උවමනා අයට වෘත්තිය ධාරාවට ඇතුල්වෙන්න.

    නව තාක්‍ෂණයත් එක්ක අපේ තියෙන වෘත්තිය පුහුණු පාඨමාලා අඩුයි. ඒක නිසා ඒක වැඩි කරන්න කියලා තමයි අපි ඊළඟ අවුරුදු 05 කියන්නේ. ඒ නිසා ඒ බලාපොරොත්තු වෙන්නේ දකුණු ආසියාවේ නවීනම අධ්‍යාපනය ලංකාවේ ඇතිකරන්න. මේ පරිවර්තනය අපි ආරම්භ කරලා තියෙනවා. අවුරුදු 10ක් තුළ මේ ක්‍රමය සම්පුර්ණයෙන් දියුණු කරන්න පුළුවන්“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 19:55

    Latest News