ආරක්‍ෂා සහිතව ජංගම දුරකතන, අන්තර්ජාල භාවිතය

අප්‍රේ 03, 2019

    ජංගම දුරකතන භාවිතය සහ අන්තර්ජාල පරිහරණය ප්‍රයෝජනවත් සහ ආරක්‍ෂිත ලෙස භාවිත කළ යුතු බවට, අවධාරණය කෙරේ.

    තම පෞද්ගලික තොරතුරු, අන්තර්ජාලය හරහා කිසිවෙකු සමඟ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසයි, නීතිඥ අප්සරා කස්තුරිආරච්චි මහත්මිය පවසන්නේ. විශ්ව දැනුම යාවත්කාලීන කිරීමට ජංගම දුරකතන භාවිතය හා අන්තර් ජාලය පරිහරණය වැදගත්වේ. එහෙත්, මෙම මෙවලම් අනිසි ලෙස යොදා ගැනීමෙන්, ඛේදනීය අවසානයක් ද උද්ගත වන අවස්ථා තිබේ.

    මේ පිළිබඳව දරුවන් ඇතුළු සමාජයේ සියලු කොටස් අවධානය යොමු කළ යුතුයි. ඇතැම් විට අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකුට ඔබව නොමඟ යැවීමට හා රැවටීමට උත්සාහ දැරිය හැකියි. එබැවින්, තම පෞද්ගලික තොරතුරු අන්තර් ජාලයට මුදාහැරීමෙන් වළකින ලෙසයි, නීතිඥ අප්සරා කස්තුරිආරච්චි මහත්මිය පවසන්නේ. සමාජ ජාල වෙබ් අඩවිවලින් හමුවන පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් විය යුතුයි.

    ජංගම දුරකතන භාවිතය හෝ අන්තර් ජාල පරිහරණයේ දී නාඳුනන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ හා තරඟ පිළිබඳ තොරතුරු කෙරෙහි දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ඇය කියා සිටියේ. දරුවන්, ජංගම දුරකතන භාවිතය හා අන්තර්ජාල පරිහරණයේදී ඇති විය හැකි බොහොමයක් ගැටලු මඟහරවා ගත හැක්කේ, නිසි පරිදි වැඩිහිටි අවධානය ඊට යොමු කිරීමෙනි.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 20:04

    Latest News