ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

සැප් 02, 2024

    2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා දෙවැනි පත්‍රය පැවැත්වෙනවා.

    එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

    විභාගය අයදුම් කළ අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා තිබෙනවා.

    මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකියි.

    එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසාතිබෙනවා..

    දුරකථන අංක – 0112 784 208/ 278 4537 / 2784537 / 2786616 /2785413
    ක්ෂණික දුරකථන අංක – 1911
    ෆැක්ස් අංකය – 0112 784422

    Latest News