ඡන්ද පත්‍රිකා බෙදන විශේෂ දිනය අද

සැප් 08, 2024
    අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනූව පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදුකෙරෙන බවයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

    නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීම පසුගිය 03 වැනිදා ආරම්භ වු අතර, මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැර අවසන්.

    කෙසේ වෙතත්, අද දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙස නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
     
    ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු මේ මස 14 වැනිදා දක්වා සිදුකෙරෙනවා.
    Last modified on ඉරිදා, 08 සැප්තැම්බර් 2024 11:11

    Latest News