සිමෙන්ති සෙස් බද්ද පහළට

සැප් 08, 2024

    ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    මුදල් අමාත්යංශය සඳහන් කරන්නේ, සැප්සැප්තැම්බර් 6 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

    ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 5ක් ව පැවති සෙස් බද්ද රුපියල් 4 දක්වා අඩු කර තිබෙනවා.

    කිලෝග්රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 8ක්ව පැවති සෙස් බද්ද රුපියල් 7 දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්යංශය සඳහන් කරන්නේ.

    Latest News