වෙඩිල්ලට බිලි වූ සද්ධන්තයා

සැප් 09, 2024
    මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ - ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි ඇත් පැටවකු දඩයක්කරුවෙකු විසින් ඊයේ සවස වෙඩි තබා ඝාතනය කර ඇති බව ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරනවා.

    මොරගහකන්ද - කළුගග මාර්ගයේ ජලාශයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නයේ මාර්ගය අසළ මියගොස් සිටියදී මෙම ඇත් පැටියා හමු වූ බවයි ඇළහැර අඩවි ආරක්ෂක නලින් ලක්ෂ්මන් ජයසූරිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ.

    වෙඩි පහරවලට ලක්ව මිය ගොස් ඇති අවුරුදු 6-8 ක් පමණ වයසැති උස අඩි 6ක් පමණ වන ඇත් පැටියෙකු බවත් එම ඇත් පැටවාගේ හිසට වෙඩි පහර 08ක් පමණ තබා ඇති බවට තහවුරු වී ඇති බවත් ඇලහැර අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් පවසා සිටිනවා.
    මෙම වෙඩි පහරවලට ලක්ව මිය ගිය වන අලියාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී නිලධාරින් විසින් සිදු කිරීමට නියමිත බව ඇළහැර අඩවි ආරක්ෂක නලින් නලින් ලක්ෂ්මන් ජයසූරිය මහතා වැඩිදුරටත් පවසනවා.

    Latest News