රත්නපුරට ටොනාඩෝ සුළි කුණාටුවක් (වීඩියෝ)

අප්‍රේ 07, 2019

    රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ක්‍රීඩා උත්සවයක් අතරතුර හදිසියේ ඇතිවූ ටොනාඩෝ සුළි කුණාටුවකින් යකඩ කූඩාරමක් ගැලවී විසිවෙයි.

    ඊයේ රත්නපුර ජාත්‍යන්තර පාසලක ක්‍රීඩා උත්සවය අතරතුර, දහවල් 12.30ට පමණ එකවරම මෙම ටොනාඩෝ සුළි කුණාටුව හමා තිබේ. ළමුන්ට රැඳී සිටීමට තැනූ යකඩ සැකිල්ල සහිත එම කුඩාරම සුළඟට ගැලවී ගොස් ඇති අතර, ළමුන් වහාම එළියට පැන දිවි බේරා ගෙන ඇත.

    ඉන් කිසිදු සිසුවෙකුට අනතුරක් සිදුවී නොමැත. විශාල දුවිලි වළාවක් සහිත සුළි කුණාටුව විනාඩියකට අඩු කාලයක් පැවති බවත්, මෙවැනි සිදුවීමක් මීට පෙර දැක නොමැති බවත්, සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 11:45

    Latest News