පැය 24ක් තුළ බීමත් රියදුරන් 329 ක් අත්අඩංගුවට

අප්‍රේ 16, 2019

    ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 329 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (15) පෙරවරු 6.00 සිට අද (15) පෙරවරු 6.00 දක්වා දිවයින කළ වැටලීම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ අනුව ලබාගෙන ඇති රථවාහන නඩු ගණන 5519ක්.

    පසුගිය 11 වැනිදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලින් බීමත් රියදුරන් 1270 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලබා ගෙන ඇති රථවාහන නඩු සංඛ්‍යාව 34,980ක්. උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් 20 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 12:45

    Latest News