ඒ අනුව කොළඹ ජාතික රෝහල, මීගමුව දිස්ත්‍රීක් මහ රෝහල, මඩකළපුව මහ රෝහල ඇතුලු තදාසන්න රෝහල්වල සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුලු සියලුම සෞඛ්‍ය සේවකයින් කැදවා ඇති අතර, අවශ්‍ය සියලුම ප්‍රතිකාර කඩිනමින් සිදු කිරිමට පියවර ගෙන ඇත.
තවද තුවාල ලැබූ රෝගීන් සදහා අවශ්‍ය රුධිර සාම්පල රෝහල්වලට අවශ්‍ය තරම් ලබාදී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසයි.
මීගමුව දිස්ත්‍රීක් මහ රෝහලට ජාතික රුධිර පාරවිලයන සේවයෙන් සහ හලාවත මහ රෝහලෙන් අවශ්‍ය තරම් රුධිර සාම්පල ලබාදී ඇත. කොළඹ ජාතික රෝහලට අවශ්‍ය තරම් රුධිර සාම්පල ලබාදී ඇත.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර සාම්පලවල හිගයක් පවතින බවට සමාජ ජාලා වෙබ් අඩවි වල පළවන ප්‍රවෘත්තිය අසත්‍ය බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසයි. මේ අතර, රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සේලයින්, ඇතුලු අනෙකුත් පහසුකම් ද අවශ්‍ය තරම් ලබාදීමට පියවර ගෙන ඇත.