විශ්වාසභංග යෝජනා ගැන UNP මාධ්‍ය හමුව

මැයි 23, 2019

    එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් අද අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනා දෙක සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කෙරිණ.

    එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා...


    “වර්තමානයේ පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් කවුරුහරි ගේනවානම්, ඒක රඟපෑමක් එහෙම නැත්නම් ඒක නාටකයක්. නාට්‍යයක් කියලා අපි කියන හේතුව තමයි විශ්වාසභංගයකින් කිසිම විධියකින් ඒ විශ්වාසභංගය ඉදිරිපත් කරන පුද්ගලයා මේ රටේ නීතිය හමුවේ වැරදි කාරයෙක් ද, නිවැරදි කාරයෙක් ද කියලා කතා කරන්න හෝ ඔප්පු කරන්න බැහැ. එහෙම නම් ඒ අවස්ථාව අපි ගන්න ඕනේ වෙනත් විධියකට. ඒ නිසා අපි කිව්වා ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී අපි ඉල්ලනවා කියලා විශේෂ වැඩපිළිවෙළක් අපිට දෙන්න කියලා. ඒ නිසා තමයි තේරීම් කාරක සභාවට මේක ඇතුලත් කළේ.

    තේරීම් කාරක සභාව වෙන වැරදි නිවේදනයක් රටට නිකුත් කරලා තියෙන්නේ පොහොට්ටුවේ කණ්ඩායම. තේරීම් කාරක සභාවේ සියලුම පක්‍ෂවල නියෝජිතයෝ වාඩිවෙනවා. වාඩි වෙලා මේ අයට පුළුවන් ලංකාවේ ඕනෑම තරාතිරමකම කෙනෙක් ගෙනල්ලා මෙතන ප්‍රශ්න කරන්න. අපි හිතමු රිෂාඩ් ඇමතිතුමා සම්බන්ධව තියෙන චෝදනා සියල්ලම මෙතන විභාග කරන්න. විමර්ශනයේ නිසා රිෂාඩ් ඇමතිතුමා වැරදි කාරයෙකු වෙනවා නම් අනිවාර්්‍යෙයන්ම පාර්ලිමේන්තුවේ තීන්දු විතරක් නොවෙයි සීඅයිඩී එක සහ අනෙකුත් ආයතන සියල්ලටම බාරදීලා ඒ අවශ්‍ය කරන දඬුවම දෙන්න ඕනේ. හැබැයි එයා වැරදි කාරයෙක් නෙමෙයි කියලා එතන තීන්දු වෙනව නම් ඒ පියවරත් අනෙක් පැත්තෙන් අපි ගන්න වෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ජනතාව පැහැදිලිව මේක නිවැරදිව තේරුම්, බේරුම් කරගන්න ඕනේ මේ රටේ“ යැයි හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

    Latest News