ශ්‍රී ලංකා-ද.අප්‍රිකා පුහුණු තරගය හෙට

මැයි 23, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ දින 7ක් වැනි කෙටි කාලයක්.

    ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම පුහුණු තරග හෙට (24) පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස පස්වරු 3.00 සිට විකාශය කෙරේ. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක් පුහුණු තරගයක් පැවැත්වෙන අතර, අනෙක් තරගය පැවැත්වෙන්නේ, පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතරයි. පුහුණු තරග ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පුහුණු තරගය ලබන 27 වැනි දින ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත වේ.

    Latest News