කෝටි 3ක බීඩි කොළ පොලිස් දැලේ

මැයි 28, 2019

    නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    එහි වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වෙයි. ඒවා සොයා ගැනුණේ තොටළඟ - ඉඟුරුකඩේ හංදියේ බහලුම් අංගනයේ තිබියදී. මෙරටට රසායනික ද්‍රව්‍ය ගෙන්වන සමාගමක නම ව්‍යාජ ලෙස යොදාගෙන බීඩි කොළ තොගය මෙරටට රැගෙනවිත් විත් ඇති බවයි, විමර්ශනවල දී හෙලිවී ඇත්තේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම බීඩි කොළ තොගය ශ්‍රී ලංකා රේගුව දැනුම්දීමෙන් අනතුරුව, ඒවා මුදා හැරීම නතර කර තිබේ. මීට සම්බන්ධ පුද්ගලයින් සොයා විමර්ශන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව, එම කාර්යාංශය පවසයි.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 08:24

    Latest News