ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් රත්නායකගේ “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති” කෘතිය එළිදකී.

ජූනි 14, 2019

    චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශක මාධ්‍යවේදී සුගත් රත්නායක මහතාගේ “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති” (Information revolution & News) කෘතිය  පසුගියදා කොළඹදී එළිදක්වනු ලැබීය.

    “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති” කෘතිය පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත කෘතියක් ලෙස දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය නිර්දේශ කර ඇත.

    මෙහි කතුවරයා දැනට චීනයේ බෙයිජිං නුවර චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ (China Radio International-CRI) සිංහල සේවයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි.

    ප්‍රවෘත්තිකරණය පිළිබද දශක එකහමාරකට ආසන්න කාලයක ප්‍රයෝගික අත්දැකීම් ඇති සුගත් රත්නායක මහතා වෘත්තීය ජීවිතය තුළ ලැබූ අත්දැකීම් හා ශාස්ත්‍රීය කරුණු ඇසුරින් මෙය සම්පාදනය කර ‍තිබේ.

    විශ්වවිද්‍යාල සිසුන්, ජනමාධ්‍යවේදීන්, පාසල් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසුන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින් ඉලක්ක කර මෙම කෘතිය රචනා කර ඇත.

    එය පුස්තකාල සදහා නිර්දේශීත කෘතියක් ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ද අනුමත කර තිබේ.

    මොණරාගල දඹගල්ල පියරතන මහා විද්‍යාලයෙන් මුලික හා ද්විතීක අධ්‍යාපනය ලැබු සුගත් රත්නායක මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් අර්ථික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියත්, ජන සන්නිවේදනය පිළිබද ශාස්ත්‍රපති උපාධියත් ලබා ගෙන ඇත. ඔහු දැනට ජන සන්නිවේදනය පිළිබද දර්ශනපති උපාධිය හදාරමින් සිටී. සිය මාධ්‍ය ජීවිතය තුළ ප්‍රායෝගිකව ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇති ඔහු ජාත්‍යන්තර සමුළු රැසක ප්‍රවෘත්ති ආවරණ කටයුතු වලට සහභාගීවී ඇත.

    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 14:56

    Latest News