ළමයින්ගේ ගැටුමකට වැඩිහිටියනුත් සම්බන්ධවෙලා; 3කුට බරපතලයි (වීඩියෝ)

ජූනි 14, 2019

    ක්‍රිකට් තරගයක් අතරතුර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් නිසා 3දෙනෙක් බරපතල තුවාල ලබා තිබේ.

    ගැටුමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

    ඉකුත් 9 වෙනි දින හැටන් දික්ඔය දරවල ක්‍රිඩාංගණයේ දවස පුරා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇති අතර එම තරගාවලියට සහයෝගයට පැමිණි කුඩා ළමුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. මෙම ගැටුම දුරදිග යාමෙන් එම ගැටුමට වැඩිහිටියන්ද කිහිප දෙනෙකු මැදිහත් වී ඇති බවයි හැටන් පොලිසිය ප්‍රකාශ කළේය.

    ක්‍රිඩාංගණයෙන් ඇති වු ගැටුම පසුව හැටන් ඩයගම ප්‍රධාන මාර්ගයේ දික්ඔය දරවල ප්‍රදේශයේදී යලිත් ඇති වී තිබේ. ළමුන් කිහිපදෙනෙකු අතර ඇති වූ ගැටුමට පසු වැඩිහිටි කිහිප දෙනෙකු මාර්ගය ආසන්නයේදී නැවත මෙම ගැටුමට මුළ පුරා ඇත. ඒ බව CCTV දර්ශන ඔස්සේ නීරීක්ෂණය වේ. මේ අනුව එම ගැටුමේදී තිදෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවනගේ එක් අයෙකුගේ තත්ත්වය බරපතල නිසා ඔහු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

    මෙම ගැටුමේදී ගල් සහ මුගුරුවලින් දෙපාර්ශවයම පහරදිම් සිදු කර ඇති අතර මෙම ගැටුමට අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩවල පසුවන ළමුන් කිහිප දෙනෙකු සහ අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩවල පසුවන වැඩිහිටියන් කිහිප දෙනෙකුද මැදිහත් වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    මෙම ගැටුම අසළ තිබූ ආවේක්ෂණ කැමරාවක සටහන් වි තිබු අතර, එම දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම ගැටුමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු මේ මස 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත්, ගැටුමට සම්බන්ධ බාල වයස්කාර සිසුන් 6 දෙනෙකු 25 දක්ව පරිවාස භාරයේ තැබීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    ළමුන් අතර ඇතිවූ ගැටුම සමථයකට පත්ව තිබියදී, එවැනි ගැටුම් ඇති නොවීමට කටයුතු සැලැස්විය යුතු වැඩිහිටියන් ම අනවශ්‍ය අයුරින් නැවත ගැටුමක් බවට පත් කිරීම අවාසනාවන්ත තත්වයකි. අවුරුදු 12ත් 15ත් අතර පසුවන සිසුදරුවන් ක්ෂණික කෝපයෙන් සිදු කරන මෙවැනි ක්‍රියා නිසා ඔවුන්ගේ ඉදිරි අනාගතයම අඳුරුවීම තවත් අවසනාවන්ත තත්වයකි. දැනට පවතින අවිධිමත් අධ්‍යපන රටාවෙන් දරුවන්ගේ සෑම අංශයක්ම වර්ධනය නොවන බව අධ්‍යපන විශේෂඥයෝ පවති. මේ වසරේ හෝ ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටිමින් තම අධ්‍යපනික කඩයිම් ජය ගැනීම සේම තමන්ගේ අධ්‍යාත්මීය, මානුෂීය සහ සාමාජීය ගුණයන්ද වර්ධනය කරගතත යුතු බව ඔවන්ගේ අදහසයි. තවත් අතකින් ලොවපුරා ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම පවතින මේ සමයේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම්කරන රටක මෙවැනි සිදුවීම් අසන්නට ලැබීම තවත් ඛේදජනක තත්වයකි.

    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 15:55

    Latest News