රන්දෙණිගල කළුගඟ හුවමාරු ඇළ නකල්ස් පරිසර කලාපයට බලපෑමක් ද

ජූනි 14, 2019

    මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනේ යෝජිත රන්දෙණිගල කළුගඟ හුවමාරු ඇළ මාර්ගයේ ඉදිකිරිම් නවතා දමන්නැයි විල්ගමුව ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් සහ මිණිපේ ශාසනාරක්ෂක බල මණ්ඩලය ඉල්ලා සිටිති.

    මෙම ව්‍යපෘතියේ ශක්‍යතා සැලසුම් කටයුතු මේ වන විට ක්‍රියාත්මකවේ. මෙම ශක්‍යතා අධ්‍යනයේදි නකල්ස් අධි පරිසර සංවේදී කලාපයේ පැවැත්මට විශාල බලපෑමක් ඉල්ලවන බව ඔවුන් කියා සිටි.

    මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලට ජලය රැගෙන ඒමෙ ව්‍යාපෘතියේ ශක්‍යතා සැලසුම් සැකසීමට මහවැලි අධිකාරිය විසින් පෞද්ගලික සමාගමකට පවර තිබේ. දැනට ක්‍රියාත්මක ශක්‍යතා සැලසුම් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කමින් වනය හෙලි කර මාර්ග සකස් කර ඇති බව විල්ගමුව ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් මෙන්ම මහ සඟරුවන පවසති. ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රමුඛ මන්ත්‍රිවරු, මහ සඟරුවන සහ ප්‍රාදේශයේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ලග්ගල කිවුලේවාඩිය ඔස්සේ කිලෝමීටර් දහයක් පමණ ගමන් කර මෙම අධි සංවේදී පරිසර කලාපයේ සිදුවන විනාශයන් මාධ්‍යට අනාවරණය කළ බව අප වාර්තාකරු පවසයි.

    ඉතා දැඩි අසීරු මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටි අධි සංවේදී පරිසර කලාපයේ වහා වෘක්ෂ්‍යලතා විනාශකොට යන්ත්‍ර සූත්‍ර යොදා පාරවල් කපා තිබෙන අන්දම මෙම කණ්ඩායමට දැක ගැනීමට හැකිව තිබේ. පැරණි සොහොන් ද මෙම ප්‍රදේශයේ දී හමුවු බව අප වාර්තාකාරු පවසයි. රාවණා රජුගේ බලකොටුව ලෙස ඉපැරණි ජනතාව හදුන්වන ලකේ ගල, සිතා ගල අසල මෙම ඉදිකිරීම් සිදුකරන බව ඔවුහු පවසති.

    mahaweli2 px 900 19 06 14

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දෙවන අදියර ලෙස සහ යෝජිත රන්දෙණිගල කළුගඟ හුවමාරු ඇළ මාර්ගයෙහි ශක්‍යතා සැලසුම් කටයුතු යනුවෙන් නාමපුවරු ඉදිකර තිබේන බව අප වාර්තාකරු පවසයි. වැඩබිම ආරම්භක දිනය ලෙස 2019 මැයි දාහත ලෙස සටහන්ව තිබුණත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ගැනීමට පෙර සිට මෙම අධ්‍යන කටයුතු සිදුවු බව ප්‍රදේශවාසින් පවසති. 

    නකල්ස් කඳු පන්තියෙන් ආරම්භ වන ලග්ගල විල්ගමුව මිනිපේ එක දෙක තුන හතර යන පියවර ජනතාවගේ සියලු ජල අවශ්‍යතාවන් සපුරන හින්ගඟ ආරම්භක වන ස්ථානයේ යන්ත්‍ර සූත්‍ර සවි කර තිබේනු කිලෝමීටර් 10ක් පා ගමනින් ගිය මෙම කණ්ඩායමට දැක ගැනීමට හැකිව තිබේ.

    mahaweli1 px 900 19 06 14

    Latest News