සෑම ග්‍රාම නිලධාරී වසමක් ආවරණය වන පරිදි සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන නිලධාරී ලෙස සෘජුව ජනතාව සමග සමීපව කටයුතු කරන නිලධාරීන් සිටියදී මෙවැනි සිද්දියක් වුයේ කෙසේද යන්න පිලිබදව අවධානය යොමු කල යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
දරුවකු බිහිවූ දින සිට වසරක් ගත වන තෙක් ළමයා පිලිබදව නිරන්තර නිරීක්ෂණය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සොයා බැලීම සිදුවේ.
“නිවෙසින් නිවස සතිපතා මෙම නිලධාරීන් යනවා. එහිදී මෙම දරුවා පිළිබද නිරීක්ෂණය නොවුයේ මන්ද. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරීන් සමෘද්ධි සහනාධාරය ලබාදීම පිලිබදව සොයාබැලීමට නිවසින් නිවෙස වෙත ගියා. ඔවුන්ට මෙම දරු පවුල හමු නොවුණා ද, යන්න පිළිබද බරපතල ගැටළුවක් බව“ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. .
නිවසේ මුලිකයා යම් මන්ද මානසික තත්වයකින් පෙළෙමින් සිටින බව දැන ඔහු සමෘද්ධි සහනාධාරය එපා යැයි පැවසීම නිසා සමෘද්ධි සහනාධාරය නොදුන් බවට නිලධාරීන් කරන ප්‍රකාශ පිළිගත හැකිද යන්න පිලිබදවත්, සොයාබැලීම සදහා විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් දි ඇත.
විමර්ෂණයෙන් හෙළිවන තොරතුරු අනුව වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමටත්, මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවීම සදහා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද ආදර්ශයක් ලෙස අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍ය වරයා විසින් දිස්ත්‍රික් ලේකම් වෙත උපදෙස් දී ඇත.