අමාත්‍ය හලීම් - තවුහිද් පල්ලි නැහැ: ත්‍රස්තවාදය හා ආගම්වාදය පිළිකුලක්

ජූනි 20, 2019

    ත්‍රස්තවාදය හා ආගම්වාදය ඉතා පිළිකුලෙන් යුතුව තමා හෙළා දකින බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    තවුහීද් නමින් කිසිදු පල්ලියක් ලියාපදිංචි කොට නැතැයි අමාත්‍යවරයා එහිදි පවසා සිටියේය. තමාට එල්ල කර තිබෙන ඇතැම් චෝදනා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කර විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසියීය.

    පල්ලි ලියාපදිංචිය වකුබ් සභාවේ නිර්දේශය මත මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව සිදුකරණ බව අමාත්‍යවරයා කියා සිටි අතර මහනුවර කිසිදු පල්ලියක් තවුහිද් නමින් ලියාපදිංචි කර නැතැයි ද අවධාරනය කලේය.

    මෙහිදී අඳහස් දක්වමින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ අන්තවාදයක් නොමැති බවයි. කන්ද උඩරට සිංහල කාන්තාවන් මුස්ලිම් ජාතීන් එදා විවාහ කරගෙන සිටි බව ඔහු කියා සිටියේය. පෙර රජවරු සුළු ජාතීන් වෙනුවෙන් සානුකම්පිතව බලා කටයුතු කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුනී.

    එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සිංහල බෞද්ධ ජනතාවට සාධාරණත්වය ඉටු කරමින් අනෙකුත් සුළු ජාතීන්ගේ ද අයිතිවාසිකම් ලබාදීමයි. පසුගියදා මහානයක හිමිවරු විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද තමා ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

     

    Latest News