දිවි තර්ජනයට ජෝන්ගෙන් විසදුම්

ජූනි 20, 2019

    දිවියන්ගෙන් ගම්මානවලට තර්ජන එල්ල වීම නැවැත්වීමට විධිමත් පාලනයක් ඇති කිරීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන,වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ගම්මාන රාශියක් දිවියන්ගේ තජනයට ලක්ව ඇති බව වාචික ප්‍රශ්නයක් මතු කරමින් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

    මෙහිදී අතුරු ප්‍රශ්නයක් මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය වනාලි ප්‍රශ්නය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍යවරය සඳහන් කළේ, ශක්තිමත් අලි වැට ඉදිකිරීම සඳහ ටෙන්ඩරයක් කැඳවා තිබෙන බවත් ඉදිරියේ දී අවශ්‍ය ස්ථානවල ශක්තිමත් අලි වැට ඉදි කරන බවද ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 16:04

    Latest News