ප්‍රාථමික සෞඛ්‍යට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ජූනි 20, 2019

    රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාව, පුරවැසි කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් කිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ශ්‍රී ලංකා ව්‍යාපෘති කාර්යාලය සහ නිල වෙබ් අඩවිය විවෘත කිරීම අද (20) සිදුවිය.

    ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ කාර්යාලය කොළඹ ඡේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ පිහිටා තිබේ. ලෝක බැංකු සෞඛ්‍ය සේවා ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණෟඩාර මහතා රාජකාරී ආරම්භ කිරිම සිදුවිය.

    ලෝක බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවේ. ඒ අනුව 2019 වසරේ දී ප්‍රාථමික රෝහල් 60 ක් ද, 2020 වසරේ දී ප්‍රාථමික රෝහල් 150 ක් ද සංවර්ධනය කිරීමට නියමිතයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුනිල් ද අල්විස්, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ලෝක බැංකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 17:53

    Latest News