උතුරේ ජන ජීවිතයට එක්සත් ජාතීන්ගේ සහය

ජූනි 21, 2019

    උතුරේ ජන ජීවිතය නංවාලීමට පූර්ණ සහාය ලබා දෙන බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත ජෝ සොරෙන්සන් පවසයි.

    උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හා ජෝ සොරෙන්සන් මහතා අතර ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (20) පැවැත්වු සාකච්ජාවේදී හෙතෙම එම අදහස් පළ කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, ජෝ සොරෙන්සන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ ඇත.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් උතුරේ ක්‍රියාත්මකයි.

    උතුරේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් සැලසුම් කර ඇති වඩමාරච්චි කලපු ව්‍යාපෘතිය දියත් කිරීමට සහාය දක්වන්නැයි මෙහිදී, ආණ්ඩුකාරතුමා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිතයාගෙන් ඉල්ලා සිටියහ.

    Latest News