ක්‍රිකට් කණ්ඩායමට ජනපති - අගමැති සුබ පතයි (වීඩියෝ)

ජූනි 22, 2019

    ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සුභපැතුම් එක් කළේය.

    එංගලන්තයට එරෙහිව තරගකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවට ජයගෙන දුන් දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබපැතුම් එක් කරන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රහණයට ට්විටර් පණිවුඩයකින් සුබපැතුම් එක්කර තිබිණ.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 21:50

    Latest News