අප්‍රේල් 21 මුල් කරගනිමින් සත්‍යක්‍රියාවක් (වීඩියෝ)

ජූනි 22, 2019

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සෙත් පැතීම සහ එවැනි විපතක් ලක් මාතාවට යළි ඇති නොවේවායි ප්‍රාර්ථනයෙන් අද (22) සියලු ආයතන පරිශ්‍රයන්හි දී සත්‍යක්‍රියා වැඩසටහනක් පැවැත්විණ.


    සවස 6.00ට පහන් දල්වා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කෙරුණු අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලැබූහ. සෑම නිවසකම හා කාර්යාල පරිශ්‍රයක් ඉදිරිපිටදීම පහන් දල්වා රටට සෙත් ප්‍රාර්ථනා කිරීම මෙහිදී සිදු කෙරිණ.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද ආයතන පරිශ්‍රයේ පහන් දල්වා ලක්මාතාවට නැවත කිසිදු ත්‍රස්ත බියක් ඇති නොවී සියලු දෙනාට සාමය, සතුට, සහජීවනය හා සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කළේය.

    දීප ව්‍යාප්ත සත්‍යක්‍රියා වැඩසටහන වෙනුවෙන් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්, ආගමික ස්ථානයන්හි ද සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය උපදෙස් දී තිබිණ. ඒ, අමාත්‍යාංශ කිහිපයක සම්බන්ධීකරණයෙන්. ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ මෙන්ම අනෙකුත් රටවැසියන්ගේ අවිනිශ්චිත හා නොසන්සුන් බව දුරලා මානසික සහනය උදාවී රට තුළ සමගිය, සංහිඳියාව හා සහජීවනය ශක්තිමත් කරගැනීම වැඩසටහනේ අරමුණයි.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 22:26

    Latest News