කාර්යාල 180ක් සහ නිල නිවාස සංකීර්ණ 2ක් ජනපති අතින් ජනතා අයිතියට (වීඩියෝ)

ජූනි 22, 2019

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල 180ක් සහ දුම්රිය නිල නිවාස සංකීර්ණ දෙකක් ජනතා අයිතිට පවරාදීම ජනපති ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැලසීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ම ආවරණය වන පරිදි ඉදිකළ නිල සෙවණ කාර්යාල 180ක් සහ දුම්රිය නිල නිවාස සංකීර්ණ දෙකක් ජනතා අයිතියට පවරාදිම අද (22) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    තමන්කඩුව, දිඹුලාගල, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම නිල සෙවණ කාර්යාල ඉදිකර තිබෙන අතර ග්‍රාම නිලධාරි වසම් තුළ සේවය කරන ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර යන රජයේ නිලධාරින්ගේ සේවාවන් එකම ස්ථානයකදී මහජනතාවට ඉටුකර ගැනීමේ පහසුකම නිල සෙවණ කාර්යාලය මඟින් හිමි වේ. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 30කට ආසන්නය.

    මේ අතර දුමිරිය නිල නිවාස සංකීර්ණ ද්විත්වය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 485 ක මුදලක් වැය කොට තිබේ.

    Latest News