ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ 49 වැනි විසිරයාම (වීඩියෝ)

ජූනි 22, 2019

    ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට නම් කලාපයේ අනෙකුත් රටවල් සමඟ සහයෝගීව කටයුතු කළ යුතු බව, යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට ආරක්‍ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව පියවර ගෙන ඇති බව ඔහු පැවසීය. යුද හමුදාපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ 49 වැනි විසිරයාමේ පෙළපාලියට එක්වෙමින්.
    විසිරයාමේ පෙළපාලිය අද පැවැත්වුණේ, මාදුරු ඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසල් පරිශ්‍රයේ දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී විජයගුණරත්න, යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පුහුණුව සාර්ථකව නිම කළ නිලධාරීන් සිව් දෙනෙකු සහ සෙබළුන් 315 දෙනෙකු අද විසිර ගියහ. සෙබළුන්ට පදක්කම් පැළඳීම සහ පුහුණුවේදී සුවිශේෂී දක්‍ෂතා දැක්වූවන්ට සම්මාන ප්‍රදානය කෙරුණේ ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපතිවරයා අතින්. නාගරික හමුදා ක්‍රියාන්විත, යතුරු පැදි සංදර්ශන ඇතුළු විශේෂ බලකා සෙබළුන්ගේ දක්‍ෂතා ද මෙහිදී එළිදැක්විණ.
    යුද හමුදා උසස් නිලධාරීන්, සෙබළුන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
    එහිදී අදහස් දැක්වූ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා....
    “ආරක්‍ෂාව තහවුරු කරලා තියෙන්නේ. ඕනෑම රටක, ඕනෑම කාලයකදී යම්කිසි දෙයක් සිද්ධ වෙන්න පුලුවන්. කිසිම කෙනෙකුට ස්ථිර කරන්න බැහැ මොකවත් සිදු නොවෙයි කියලා. කොහොම නමුත් මෙම ජාලය හඳුනාගෙන තිබෙනවා. "

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 23:15

    Latest News