පෙත්සම් විභාගය අවසන් - තීරණය සවස 5ට

නොවැ 13, 2018

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශනය අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ නියෝගය අද පස්වරු පහට ප්‍රකාශ කරන බව නිවේදනය කළා.

    අගවිනිසුරු නලින් පෙරේරා,ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලුණා.
    පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම කරුණු සලකා බැලීම් වලදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් මෙන්ම නීතිපතිවරයා සහ මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කීපදෙනෙකුද අධිකරණය හමුවේ  කරුණු දක්වා තිබුණා.
    සියලු කරුණු සලකා බැලීම් අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් පිළිබඳ නියෝගය පස්වරු පහට ප්‍රකාශ කරන බව නිවේදනය කළා.
     
     
    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238
    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 16:47

    Latest News