මාදම්පේ ගින්නකින් ලොරි 2ක් විනාශයි

ජූලි 02, 2019

    හලාවත,මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කිරීමේ ස්ථානයක අද (02) අළුයම ඇතිවූ ගින්නකින් ලොරි රථයක් මුළුමනින් විනාශ වී තිබේ. ඇති අතර තවත් ලොරි රථ දෙකකට සුළු හානි වී තිබේ.

    මේ අවට නිවාස කීපයක් තිබු අතර එම නිවාස වෙත ගින්න පැතිර යාම වැළැක්විමට මාදම්පේ පොලිසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසින් එක්ව මහත් පරිශ්‍රමයක් දැරීය. මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්ව ප්‍රදේශයේ ජල බවුසරයක් ගෙන්වා එම ජලය යොදාගනිමින් ගින්න පාලනය කිරීමට පියවර‍ ගෙන ඇත.

    හේතුවෙන් පැයකට පමණ පසු ගින්න පාලනය කිරීමට හැකි වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 10:08

    Latest News