අමෙරිකානු හමුදා කඳවුරු මෙරට ස්ථාපනයට කිසිඳු අදහස් නෑ..

ජූලි 02, 2019

    අමෙරිකානු හමුදා කඳවුරු මෙරට ස්ථාපිත කිරීමේ කිසිඳු අදහසක් හෝ සැලැස්මක් නොමැති බව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය අවධාරණය කරයි.

    ඇය මේ බව කියා සිටියේ, අමෙරිකාව සමඟ ඇතිකර ගැනීමට නියමිත සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවල පළවූ වාර්තා පදනම් කර ගනිමින්. එම ගිවිසුම මගින් ශ්‍රී ලංකාව අමෙරිකානු හමුදාවේ යටත් විජිතයක් බවට පත් කිරීමට අමෙරිකාවේ ගැඹුරු සැලැස්මක් පෙන්නුම් කරන බව, ඇතැම් මාධ්‍යවලින් වාර්තාකර තිබූ බව සඳහන්. ඒ සම්බන්ධයෙන් පළවූ බොහෝ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමෙරිකානු තානාපතිනිය පවසයි.

    සෝෆා හෙවත් සේනා තත්ව ගිවිසුම හා එම සාකච්ජාවල අරමුණ වන්නේ, දෙරටෙ අතර පවතින සහයෝගිතාවයට තවදුරටත් පහසුක්ම සැලසීම පමණක් බවයි, ඇය කියා සිටින්නේ. දෙරට අතර එළැඹෙන ඕනෑම ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට පූර්ණ වශයෙන් ගරු කරනු ඇති බව ද අමෙරිකානු තානාපතිනිය පවසයි.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 09:54

    Latest News