මරණ දණ්ඩයට ඉදිරිපත්කළ පෙත්සම සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජූලි 02, 2019

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දීපාලි විජේසුන්දර ,ජනක් ද සිල්වා, අචල වෙංගප්පූලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් එම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරයි.

    එම විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම අද පෙරවරු 11.30 ට කැඳවීමට නියමිතව තිබේ.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 10:07

    Latest News