පොළොන්නරුවේ නව කෞතුකාගාරය හෙට ජනතා අයිතියට

ජූලි 02, 2019

    පොළොන්නරුවේ ඉදි කෙරුනු අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව කෞතුකාගාරය හෙට ජනතා අයිතියට පත් කෙරේ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පුරාණ තාක්ෂණයෙන් යුතු කෞතුකාගාරය ඉදිකර ඇත්තේ අක්කර දෙකක පමණ භූමියකයි. මහල් තුනකින් සමන්විත එය විශාලත්වයෙන් දෙවැන් වන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයට පමණයි. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 80ක්. 1877 දී විලියම් ග්‍රෙගරි හිටපු ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයෙකුගේ මැදිහත්වීමෙන් ඉදිවූ ප්‍රථම කෞතුකාගාරය මෙයයි.

    මෙරට පැවති ඉපැරණි තාක්ෂණ කර්මාන්ත 23කට අයත් තොරතුරු පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට එක්කර තිබේ. ගල් යුගයේ ආයුධ, කෘෂි, වාරි, ලෝහ, මැටි, රෙදිපිළි ආදිය ද එහි දක්නට ලැබේ. මෙහි ක්‍රියාකරකම් සංකල්පය සඳහා ද කොටසක් වෙන් කර තිබේ. නව්‍යකරණ මධ්‍යස්ථානයක්, නිදහසින් පසු මෙරටට බිහි වූ රාජ්‍ය නායකයන්ගේ රුව සහිත ඉටිරූ කෞතුකාගාරයක්, ශ්‍රවණාගාරයක් ඇතුළු අංග රැසකින් එය සමන්විතයි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය එක්වයි. ඉදිකිරීම් සැලසුම් කෙරුණේ, කෞතුකාගාරය විවෘත කිරීමෙන් පසු පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට, පර්යේෂකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ද ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳ දැනුම්ක ලබා ගත හැකියි.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 11:47

    Latest News