මොනරාගල මහ රෝහලට රු. ලක්ෂ 100ක වෛද්‍ය උපකරණ (වීඩියෝ)

ජූලි 06, 2019

    මොනරාගල මහ රෝහල වෙත රුපියල් ලක්ෂ 100ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදාන කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (06) සිදු විය.

    ජනාධිපති අරමුදලේ 40වන සංවත්සරය නිමිත්තෙන් මෙම වෛද්‍ය උපකරණ ප‍්‍රදානය සිදුවූ අතර ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් එම වෛද්‍ය උපකරණ රෝහල් අධිකාරි ආර්.එම්.ඩී. රත්නායක මහතා වෙත භාර දෙනු ලැබීය. ජනාධිපති අරමුදලේ ලේකම් ඩී.එන්. නානායක්කාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 20:17

    Latest News