ජනාධිපතිවරණයේදි අපේක්ෂකයෙකු අවශ්‍යයි: අනන්‍යතාවත් රැකිය යුතුයි

ජූලි 08, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතු බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, එප්පාවල පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත පිළිතුරු සපයමිනි. පක්ෂයක් ලෙස එම මතයේ සියලුම දෙනා සිටි බවත් දුමින්ද දිසානායක පෙන්වාදේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකතුවීම පිළිබඳව සාකච්ජා පවත්මින් යනවා. සාකච්ජා වල ප්‍රථිපල තමා පහුගිය දවස් වල දැනගන්න ලැබුණේ. පක්ෂ දෙක කොහොමද එකතු වෙන්නේ කියන එකේදී එදා ඉඳන්ම අපි පක්ෂ කිව්ව කාරණයක් තමයි පක්ෂ දෙකේම අනන්‍යතාවය ආරක්ෂා විය යුතුයි කියන කාරණාව. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එකතු වෙනවා නම් අර කිව්ව නමින් තමයි එකතු වෙන්නේ. ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණාව සම්බන්ධයෙන් තාම අවසන් එකඟතාවක් නෑ. පක්ෂ දෙක කොහොමද එකතු වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි පක්ෂයේ කණ්ඩායම් දෙකක් සාකච්ජා කරන්නේ. මේ සාකච්ජා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයෝ තිදෙනෙක් නම් කරලා ඉන්නවා, දයාසිරි ලේකම්තුමා, හිටපු ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හා තිලංග සුමතිපාල මහතා, ඒ සාකච්ජා සිදුකරනවා. පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි වැඩිදුරටත් පැවසීය

    Latest News