මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදුන් සැකකරු අත්අඩංගුවට

ජූලි 08, 2019

    මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා, අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිලිබඳව අදහස් පළ කළේය.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලදී ඔහුගේ මෝටර් රථයේ තිබූ ඇඟිලි සළකුණක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමු කළේය. ඒ අනුව යුද හමුදාවේ නිලධාරීන් අදාළ යුද හමුදා බුද්ධි අංශයේ 285 දෙනෙකුගේ ඇඟිලි සළකුණු පරීක්‍ෂා කර ඇත. එහෙත් එම ඇඟිලි සළකුණු සමඟ ගැලපී නැහැ. පසුව රිවිර පුවත්පතේ හිටපු කතෘ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණවලට මෙම ඇඟිලි සලකුණු යොදා ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

     

    Last modified on සදුදා, 08 ජූලි 2019 20:11

    Latest News