ශ්‍රී ලංකාවට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සහය

ජූලි 08, 2019

    ශ්‍රී ලංකාවට අදාළ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් එහි විධායක නිලධාරි සියෑන් කෙන් ක්‍රෝස් මහතා මේ බව අවධාරණය කර තිබේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සියෑන් කෙන් ක්‍රෝස් මහතා පසුගිය ජුනි මස 24 වැනිදා පත් කෙරිණ. ලිපියක් යොමු කරමින් ඔහු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ, තවදුරටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු ඉදිරියට පවත්වා ගෙන යන බවයි. ප්‍රවාහන හා භූමි පරිපාලනය සම්බන්ධයෙන් මෙරට ආර්ථිකයට බලපාන ගැටලු අවම කිරීමට එක්සත් ජනපදය සමඟ එළඹි යෝජිත ඩොලර් මිලියන 480ක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කැපවන බව ද එහි තවදුරටත් සඳහන් කර තිබේ. තීරණාත්මක අවධියක නිශ්චිත කාලයකදී මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමට උනන්දුවන බවත්, මෙරට ජනතාවගේ අභිවෘද්ධිය තහවුරු කරමින් දිළිඳු බව තුරන් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරියටත් අපේක්‍ෂා කරන බව ද එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.

    Last modified on සදුදා, 08 ජූලි 2019 20:36

    Latest News