මැතිවරණයකට යන්න අගමැතිගෙන් යෝජනාවක් (වීඩියෝ)

නොවැ 15, 2018
  • රටේ පවතින දේශපාලන වාතාවරණය අවබෝධ කරගෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයකට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කරන මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය. 

    තම ව්‍යවස්ථාව අනූව අගමැතිධුරයට පත්වූ බවයි, ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.

     

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

    මට ඕන නම් කියන්න තිබුණා යුඑන්පී එක අවුරුදු 4කට කිට්ටු කාලයක් හිටපු විදිහට ඉතුරු ටිකත් හිටපු දෙන් කියලා. තව අවුරුද්දයි තිබුණේ අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය. කතානාකතුමා පිළිගන්නේ නැති වුණාට.

    අපිට යුතුකමක් තියනවා රටේ ජනාධිපතිතුමා රටට වුණු වින්නැයිය වළක්වාගන්න අපට රට භාරදෙනකොට ඒ වගකීම භාරගන්න. ඒක අපට තිබුණා වගකීමක්. අනූව මම වගකීම භාරගත්තා. ඒ වගේම මට තිබුණ ප්‍රශ්නෙ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණන නම් රටට මොනවයින් මොනව වෙලා තියෙයි ද කියලා. 2015 ඉදලා එක්සත් ජාතික පක්ණ ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් අමෙරිකානු ඩොලර් බිලියන 21ක් ලබාගෙන තියෙනවා. මේ ඉවත් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වුන ලොකුම විනාශය. අපි පිහිටෙව්වේ මැතිවරණය පවත්වන තුරු අන්තර් කාලීන ආණ්ඩුවක් පමණයි.

    ඒක නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ සුළු පිරිසක් පමණකි අණ්ඩුවේ ඇමතිකම් භාරගත්තේ. අපි මහමැතිණයක් ඉල්ලුවා. නමුත් මැතිවරණ සිතියම අකුලලයි තුබුනේ.

    පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුළු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා. නමුත් ඡන්දෙ නැහැ.

    ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවේ ඇති බලතල අනූව පාර්ලිමේන්තුව විසුරවලා ඡන්දයක් කැදෙව්වහම ලංකා ඉතිහාසයේ පළමු වතාවට එජාපය - ජවිපෙ ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියනවා මැතිවරණයක් පවැත්වීමට විරුද්ධයි කියලා.

    අපේ රටේ 1947තේ 1951 - 56 - 60 පත්වෙච්ච සියළුම පාර්ලිමේන්තු කළින් විසුරවලා මහමැතිවරණ තිබ්බේ ජනතාවට කැමති ජනතාවට තම පරමාධිපත්‍ය බලය මගින් තමාට කැමති ආණ්ඩුවක් පත්කර ගන්න ඉඩ දෙන්න. ඒකෙත් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකුනේ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්ව විසඳන්න බැහැ කියලා අවබෝධ වුන නිසා තමයි ජනාධිපතිතුමා මට භාරගන්න කියලා කිව්වේ..

    අපේ ව්‍යවස්ථාව අනූව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි ජනතාවටයි. මම සතුටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිව්වා පාර්ලිමේන්තුව විසුරවලා යෝජනාවක් ගන්න ආවොත් ඒකට ඒගොල්ලො පක්ෂ වෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂය මොකකද කියන්නේ මේ පාර්ලිමේන්තුවට කියන්න ඡන්දයට යන්න කැමති ද අකමැතිද...සාධාරණ මැතිවරණයක් පවත්වලා රට ගොඩනගන්න මා සමග අත්වැල් බැඳගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ මන්ත්‍රීවරු 225 දෙනාටම කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න. මැතිවරණයකට යමු පෙන්ෂන් ගැන හිතන්න එපා. ලෝක වෙළදපොළේ පෙට්‍රල් මිල අඩු වෙනකොට මිල සූත්‍රය අනූව ඉන්ධන මිල වැඩිවුණා. අද අපි කියනවා පෙට්‍රල් මිල තවත් අඩුකරන්න කියලා. පෙට්‍රල් මිල අපි අඩුකරනවා. අද රෑටත් අපි අඩුකරනවා. ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, ස්වාධීන කතානායකවරයෙක්. පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නොවෙයි. ඔබව පත්කරන කොට අපි ඔක්කොම එකතු වුණා. ඒකෙන් බලාපොරොත්තු වුණේ ඔබ ස්වාධීන වෙයි කියලා. ඔබ අද ඔබේ පක්ෂය වෙනුවෙන්, බටහිර යාළුවෝ වෙනුවෙන් පෙනී සිටිම ගැන මම කණගාටු වෙනවා....

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 15:26

    Latest News