කුෂ් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ 09ක් අත්අඩංගුවට (වීඩියෝ)

ජූලි 13, 2019

    අද(13) අලුයම බොරලැස්ගමුව පොලිස් වසමේ අබේරත්න මාවතේ පිහිටි නිවසක් වටලා කුෂ් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ 9ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

    පොලිසිය නිවස වටලන අවස්ථාවේදී එම නිවසේ සාදයක් පවත්වමින් සිටි සැකකරුවන් 6ක් හා සැකකාරියන් 3ක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 45ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 05ක්, විදේශීය සිගරට් 63ක් හා මත්ද්‍රව්‍ය පානය කිරීමට උපයෝගී කරගන්නා නවීන උපකරණ 04ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වයස 22ත් 27ත් අතර පසුවන නිට්ටඹුව, කඳාන මිනුවන්ගොඩ, මීගමුව, තලංගම, දෙහිවල, මොරටුව, පේරාදෙණිය හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 21:11

    Latest News