මෙය, බටහිරට බරව නිරිත දෙසට ගමන් කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙම පද්ධතියේ කේන්ද්‍රය ශ්‍රී ලංකා උතුරු වෙරළ තීරයට කිලෝ මීටර 120ක් පමණ ඈතින් ගමන් කොට, දකුණු තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇති. සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන්, උතුර සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ සිට වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා.
මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා වන වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකියි. මුලතිව් සිට කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 80ත්, 90ත් දක්වා වන තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝමීටර 110 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි අතර, මුහුදු ප්‍රදේශ ඉතා රළුවනවා. ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...