පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ජාවේ දී රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳ පුළුල් සාකච්ජාවක් සිදු කෙරුණි. එහි දී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතුව බව එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් දැනුම් දුනි. එය පිළිගන්නා ලෙසයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ. තමන් සැමවිටම ව්‍යවස්ථාවට අනූව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් මෙහි දී ජනාධිපතිතුමා අවධාරණය කළා.
ඒ අනූව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුනි. පසුගිය දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක එක වගන්තිය ඉවත් කිරීම සහ යළි එය අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහි දී අවධානය යොමු විය.
ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදුකරන ලෙස ද ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියා. ඊට අනූව, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි, ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ද නියෝජිත පිරිසට එතුමා දැනුම් දුන්නේය.
එසේම, පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවර නියෝගවලට අනූව කටයුතු කරන ලෙසයි, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ.
ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...