දෙමටගොඩ පාර අද රෑට වැසේ

නොවැ 16, 2018

    දෙමටගොඩ හා බොරැල්ල සිරිධම්ම මාවතේ, ආනන්ද රාජකාරුණා මාවතේ සිට ජේ.ඩී.ප්‍රනාන්දු මාවත දක්වා කොටස අද ප.ව 10 00 සිට දින කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා තබන බව පොලීසිය දැනුම් දෙයි.

    ඒ අනූව 2018.11.16 දින පැය 22.00 සිට 2018.11.19 වන දින උදෑසන දක්වාත්, 2018.11.23 වන දින පැය 22.00 සිට 2018.11.26 වන දින පැය 5.00 දක්වාත් කාලය තුළ සම්පූර්ණයෙන්ම මාර්ගය වසා තැබේ. ඒ, ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් කළ ඉල්ලීමකට අනූවයි.

    ඒ අනූව ඉහත කාල සීමාව තුළ එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාවට හා රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කළ හැකියි.

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 17:43

    Latest News