ජාතික කිරි ගොවි සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

නොවැ 16, 2018

    2018 ජාතික කිරි ගොවි සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට දී අද සවස පැවැත්වුණා. 

    දේශීය කිරි ගොවියා ශක්තිමත් කරමින්, දියර කිරි ජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණයි. දේශීය ගොවීන්ගේ කිරි මිලදී ගෙන රජය නියම කරන සහතික මිල ඔවුන්ට ලබාදෙමින් කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීම ප්‍රතිව්‍යුහගත කරන ලද මිල්කෝ සමාගම නමින් හඳුන්වන ජාතික කිරි මණ්ඩලය වෙත පැවරී ඇති ප්‍රධානතම වගකීමයි.

    දිවයින පුරා විසිර සිටින ග්‍රාමීය මටටමේ කිරි ගොවීන්ට උපහාර පිදීම ද මෙහිදී සිදු කෙරුණා. උත්සවය සංවිධාන කරනු ලැබූවේ ධීවර, ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින්. දේශීය කිරි නිෂ්පාදන ඉහළ නංවා කිරි පිටි ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන අතිවිශාල මුදල ඉතිරි කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙහිදී කියා සිටියා.

     

    Latest News